Spread the love

පොදුජන අරගලයේ නියැලුණු ජනතාවට රජය පොරොන්දු වූයේ බිම් මට්ටමේ ‘ජන සභා’ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එය රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පයේ ‘ග්‍රාමෝදය මණ්ඩල’ වැඩසටහනක් ලෙස තිබූ බවත් එහි දිගුවක් ලෙස ‘ජන සභා’ වැඩසටහන ඉදිරිපත් වුවත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවක් පවතින බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එබැවින් අරගලයේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඒ අයුරින් ඉටු කරන ලෙසත් එමඟින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ‘ග්‍රාමෝදය සංකල්පය’ ද නැවත ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.