Spread the love

මාතර බන්ධනාගාරය තුළට පාර්සලයක් විසිකර පළායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් ඇති මාර්ගයේ සිට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පාර්සලය විසිකර පළාගොස් තිබේ.

එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය යැයි සැකකළ හැකි පැකට් 01ක්,හෙරොයින් යැයි සැකකළ හැකි පැකට් 01,සිම්පත් 01,ලයිටර් 02ක්,ජංගම දුරකථන බැටරි 02ක් සහ දුම්කොළ 10ක් සොයා ගෙන ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෝදිසි රාජකාරි වල නිරතව සිටි නිලධාරීන් මේ පිළිබඳව ආසන්නයේ පිහිටි රාජ්‍ය බුද්ධි අංශ කාර්‍යාලයෙ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු බුද්ධි අංශ භාරයට ගෙන තිබේ.

සැකකරු සහ පාර්සලයේ තිබූ තහනම් භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මාතර මූලස්ථාන පොලීසියට භාරදී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය සහ මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.