Spread the love

හූ කියන දේශපාලන පක්ෂවල අරමුණ වී ඇත්තේ පොදු ජන පෙරමුණ ගමට එ්ම නැවැත්වීම බව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අභියෝග සහ චෝදනා කොතරම් ආවත් පාක්ෂිකයන් සමඟ ගම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කරවන බවද හෙතෙම පැවසීය.

පොදු ජන පෙරමුණ පැහැදිලිවම ගමට යන බව ද කී මන්ත්‍රීවරයා ප්‍රතිපත්තියක් නැති ඇතැම් දේශපාලන පක්ෂවලට හූ කියන එක හැර වෙනත් විකල්පයක් නැතැයිද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.