Spread the love


නිමල් රාජපක්ෂ-

ඇහැලියගොඩ ,කිරිඇල්ල ,අයගම , .කලවාන නිවිතිගල ,පැල්මඩුල්ල වේවැල්වත්ත රත්නපුර යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් කොටුකර ගෙන අධිකරණ වෙත ඉදිරිපත්කොට හා බලපත්‍ර ලත් ස්ථානවල සිදු කළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට සමථ ගාස්තු අයකර රුපියල්
1 01 44 500/ දඩ ආදායමක් රජයට ලබා දීමට රත්නපුර සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

නීති විරෝධී මත්පැන් පෙරණ ස්ථාන 187 ක් ,නිති විරෝධී ස්ප්‍රීතු ළග තබා ගත් සැකකරුවන් 533 ක්, බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු හා බියර් විකිණීමේ ග්‍රහන 48 ක් හෙරොයින් , අයිස් , ගංජා ළග ගැනීමේ ග්‍රහන 13 ක්හා වෙනත් ග්‍රහන 20 ක් සමගින් සැකකරුවන් 801 දෙනෙකු කොටු කර ගත් බව රත්නපුර සුරාබදු අධිකාරි ඒ.ජී.එස්.කේ. සෙනෙවිරත්න මහතා පවසයි.


මෙම සියළු වැටලීම් 2023 වසරේ ජනවාරි මස් 01 දින සිටි දෙසැම්බර් මස 31 වැනි දින දක්වා සිදුකළ අතර මෙහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර,අවිස්සාවේල්ල,පැල්මඩුල්ල හා කලවාන යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට දඩ නියම කොට තිබේ.

රත්නපුරු සුරාබදු කාර්යාලයට නිලධාරීන්ගේ විශාල හිගයක් පවතින බවත්, ඉන්න නිලධාරින් කිහිපදෙනා දැඩි පරිශ්‍රමයක් යොදා මෙම වැටලීම් සිදු කළ බවත් පවසයි .නිලධාරි හිගය පුරවන්නේ නම් මීට වඩා හොද ප්‍රථිපල රජයට ලබා දීමට කටයුතු කරන බවත් ,නිලධාරී හිගය තිබියදීත් අපේක්ෂිත ඉලක්කය ඉක්මවා 150%ඉලක්කයක් සම්පුර්ණ කිරීමට පියවර ගත් බවත් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

සබරගමු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් පරිදි ,රත්නපුර සුරාබදු අධිකාරී ඒ්‍ජී.එස්.කේ. සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ,රත්නපුර සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක ශාන්ත කුමාර, සුරාබදු සැරයන් මේජර් කොතලාවල, සුරාබදු සැරයන් ලෝචන තෙන්නකෝන්, සුරාබදු කෝප්‍රල් ලසන්ත දිසානායක, සුරාබදු නියාමක වරුන් වන සංඛ පුර් ණ, දේවගේ, මාලක ප්‍රියදර්ශන, සුරාබදු රියදුරු ධනංජය ඇතුළු නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.