Spread the love

අද අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවා තිබේ.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්විටුවමින් නිකුත් කළ ලිපිය අවලංගු කිරි කිරීමට සෞඛ්‍යා අමාත්‍යංශය කටයුතු කිරීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් ජනවාරි මාස සඳහා අදාල දීමනාව වැටුප සමඟ නොව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධාන වෙත දැනුම් දී ඇති බවද සංගමය සඳහන් කළේය.