Spread the love

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම රට ගොඩනැගීමේ ප්‍රධාන වැඩපිළිවෙළදැයි ප්‍රශ්න කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට 22 පස්වරුවේ නව ජනතා පෙරමුණ උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයකින් කියැවුණේ ඔවුන්ගේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බවයි. ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කර තිබිනි.

අනාගත ජනාධිපතිවරයා බිහිකිරීමට උත්සාහ දරණ පක්ෂයක නියෝජිතයන් කරනු ලබන මෙවැනි අමනෝඥ ප්‍රකාශයන්ගේ අර්ථය කුමක්දැයි විමසන අතර 70%කට අධික ප්‍රමාණයක් බෞද්ධයන් වෙසෙන රටක සමාජ විරෝධී ප්‍රතිපත්ති ඉදිරියට දමමින් ඔවුන් සිදුකරන ප්‍රකාශයන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකරන බවත් නව ජනතා පෙරමුණ පැවසීය.