බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, මෙතෙක් සැකකරුවන් කවුරුන්ද යන්න තවම හඳුනාගෙන නොමැති බවයි.
ඒ අනුව මෙය සංවිධානාත්මක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත සිදුවූ දෙයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.