Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට බෙදාහැරිම සදහා සුදානම් කර තිබු රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් වටිනා නීති විරෝධි මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු රාගමදී ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු බෝතල් 750 ක් ( බෝතල් 50 බැගින්වු උර 15 ) තිබු බව ජාඇල සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
අදාල සැකකරුවන් රාගම වගුරු බිමක් ආසන්නයේ තබාගෙන මත්පැන් තොගය ප්‍රවාහනයට සුදානම් කර තිබියදී කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජාඇල සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ, සුරාබදු පරික්ෂක රසික වීරසිංංහ ,සැරයන්වරුන්වන නජිත්සිං ,කෝප්‍රල් රුද්‍රිගු සාලිත ඇතුලු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.