Spread the love


මෙවර වෙන්කළ රුපියල් මිලියන 11250 ක මුදලින් සිදුකරන ව්‍යාපෘති ජුලි මස අවසන් වන විට අවසන් කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මින් පෙර වසර වලදී සිදුකළ ආකාරයට මෙවර ද දිස්ත්‍රික් ජන අනුපාතය අනුව විමධ්‍යගත අරමුදල් වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , රට තුළ පැවති ආර්ථික ගැටළු හේතුවෙන් පසුගිය වසර කිහිපයක් විමධ්‍යගත අරමුදල් වෙන් නොකළ බවයි. එසේම අවසන් වරට විමධ්‍යගත අරමුදල් ලෙස වෙන්කරනු ලැබූයේ රුපියල් මිලියන 2250 ක් පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා , එය 500 % කින් ඉහළ නංවමින් මෙවර එම මුදල රුපියල් මිලියන 11250 දක්වා ඉහළ නැංවූ බව ද හෙතෙම පෙන්වා දුන්⁣නේ ය.