Spread the love

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර භාර ගැනීම හෙට (23) සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම්පත්‍ර යොමුකර හැකිය.

පාසල් අයදුම් කරුවන් විදුහල්පති මගින් සහ පෞද්ගලික අයදුම්කරුවන් අස්වීමේ සහතිකය සහිතව පෞද්ගලිකව අයදුම් කළයුතුය.

www.doenets.lk හෝ www.onlineexams.gov.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස අයදුම්පත්‍ර යොමුකර හැකිය.

වැඩිදුර විස්තර සඳහා 0112784208 හෝ 0112784537 දුරකථන අංක මගින් වැඩිවිස්තර ලබාගත හැකි බව වැඩිදුරටත් පැවසීය.

.