Spread the love

දින පහක් ඇතුළත සියයට හතළිහක් පනහක් හතර මිලකට එකවරම එළවළු මිල අඩු වුණේ පැහැලියගොඩ මාළු වෙළඳසැලේ මාළු මිල අඩු වුන නිසා පාරිභෝගිකයන් මාළු කන්න හුරුවීම හා එළවළු කෑම ප්‍රතික්ෂේප කිරීමත් එක්ක එළවළු නාස්තිවීම අවම කරන්න කටයුතු කිරීමක් වශයෙන් එළවළු මිල අඩු වූ බව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථායේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි .

මෙහිදි අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ,

අද එළවළු ගැනුම් තොග මිල පවතින්නේ ගෝවා කිලෝව රුපියල් 450 – 470 , කැරට් කිලෝව රුපියල් 900 – 950 , ලීක්ස් කිලෝව රුපියල් 340 -360 , බීට්‍ රූට් කිලෝව රුපියල් 400 – 420 , කට් බීට් රූට් කිලෝව රුපියල් 500 – 520 , අර්තාපල් කිලෝව රුපියල් 300 – 320 වශයෙන් ,

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කරන ගොවීන්ගේ වගා බිම් වල කැරට් ආ මිල අධික එළවළු තිබීම හේතුවෙන් මිල ඉහළ නැංවූවා යන කතාව අපිට පිළිගන්න බැහැ,

මිල තීරණය වුණේ ආර්ථික මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වන ක්‍රමවේදයකට අනුවයි කිසිදු මාෆියාවක් ක්‍රියාත්මක වුණේ නැහැ ,

රජයෙන් කටයුතු කරනවා නම් එළවළු පිටරටින් ගෙන්නන්න ඒකට විරුද්ධව මුලින්ම පාරට බහින්නේ ගොවියෝ ටිකත් එකතු කරගෙන ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීන් ව්‍යාපාරිකයන් හා අපි ,

මොකද අපි අද ව්‍යාපාරිකයන් හැටියට වැජඹෙන්නේ ගොවියෝ හැටියට හම්බ කරගත්තු මුදලින් එදා ඉඳන් අපි ගොවියෝ රකින්න කතා කරා මිස ගොවියොන්ට හානියක් වෙන්න නෙමෙයි ,

මහින්ද අමරවීර ඇමතිවරයාගේ විශේෂත්වයක් අපි දකිනවා කලින් හිටිය අනිත් ඇමතිවරුන්ට වඩා,

අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා කෘෂිකර්ම නිලධාරීන්ගෙන් හරියට වැඩක් ගන්න ඒ වගේම එයාලට ඉලක්කයක් දීලා ඒ ඉලක්ක සපුරනවාද යන වග ප්‍රාදේශීය නිලධාරීන් හරහා හොයලා බලන්න එවිට කෘෂිකර්මාන්තය නගා සිටවන්න පුළුවන් ,

ඒත් සමගම පාරම්පරික තාක්ෂණයන් එක තබා නුවරඑළිය ගොවි ජනතාවටත් පිටරට තාක්ෂණය පුහුණු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා එවිට අපිට තරගකාරී ලෙස ගොවි ආර්ථිකය නගා සිටුවන්නට පුළුවන් යනුවෙන් පැවසිය.