Spread the love

සිය ව්‍යාපාරික පුතුගේ දුරකථන අංකය විමසමින් නිවාසට පැමිණි සැකකරුවකු තනිව සිටින වයසක මවගේ හාරලක්ෂ දහහත් දහස් පන්සියයක්( 4,17500 )ගෙල බැදි රන් මාලය කඩාගෙන ගිය පුවතක් වලස්මුල්ල පොලිසියෙන් වාර්තාවෙයි.
සිද්ධිය වී ඇත්තේ ඊයෙ (21) උදේ 11 ට පමණ ය. . පැහැරගත් රන්මාලය අගල් 24 ක් දිග පවුම් 2 2/1 බරැති එකක් බව පොලිසිය පවසයි
ලය හිමි කාන්තාවගේ පුතෙකු ව්‍යාපාරිකයෙකු වන අතර ඇය සිය දරු මුණුබුරන් සමග හොරේවෙල නිවසේ පදිංචිව සිටින්නීය . හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදියකින් පැමිණි කොල්ලකරු නිවසේ සාලයේ තනිවම වාඩිවී සිටි කාන්තාවගෙන් ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි ඇයගේ පුතෙකු නිවසේ සිටීදැයි විමසා තිබේ .
පුතා නිවසේ නොමැති බව පැවසූ පසු පිටව යාමට සැරසුණු කොල්ලකරු කාන්තාව අසලට පැමිණ පුතාගේ දුරකථන අංකය ඉල්ලා තිබේ . එක්වරම දුරකථන අංකය ලබා දීමට සැරසුණු කාන්තාවගේ ගෙල බැදි රන්මාලය කඩාගත් සැකකරු පැමිණි යතුරු පැදියේ නැගී පලාගොස් තිබේ .
සැකකරු අවුරුදු 25 පමණ වයසේ පසුවන අඩි5 ක් පමණ උස තරුණයෙකු බවට කාන්තාව පොලිසියට ප්‍රකාශ කර තිබේ. .
සිද්ධිය පිළබද වලස්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි .