Spread the love


සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවලදී රථවාහන පරීක්‍ෂා කිරීමටත්, නැවැත්වීමටත් කටයුතු නොකරන ලෙසට නව උපදෙස් මාලාවක් පොලිසියට නිකුත් කර ඇත.

මෙම උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා  දුන් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.