Spread the love

මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වෙයි.

එහිදී මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් පවතින බාධා පිළිබඳව තවදුරටත් අදහස් හුවමාරු කර ගන්නා බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි.
ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය හා තැපැල් ඡන්දය භාවිත කරන පාර්ශව වැඩි කිරීම සඳහා පවතින මූල්‍යමය හා ප්‍රායෝගික බාධා පිළිබඳව සාකච්ඡාවේදි ප්‍රමුඛ අවධානය යොමු කිරීමට නියමිතයි.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පවතින ඉන්දියාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයන ද ආරම්භ කර ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව හා සිවිල් සංවිධාන විසින් යෝජනා 50 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලබාදී තිබේ.
ඒවා අධ්‍යයනයද මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.