Spread the love

නිවැරදි ලෙස ගෙවන්නේ නම් වෛද්‍යවරුන් සඳහා DAT දීමනාව රුපියල් 260,000කින් වැඩි විය යුතු බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වැඩිවීම හරහා ලබා දී ඇත්තේ ලැබිය යුතු මුදලින් 15%ක් පමණක් බවත් ඉන් ප්‍රශ්න විසදෙන්නේ නැති බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

“මේ දීමනාව අවසාන වරට යාවත්කාලීන වුණේ 2015දී. එහිදී රු. 25,000ක දීමනාව රු. 35,000 දක්වා වැඩිවුණා. 2015න් පසුව අපි විටින් විට මතක් කළා කාලානුරූපව මෙය යාවත්කාලීන විය යුතු බව. සෞඛ්‍ය අමාත්‍යාංශය 2018දී ඒ ඉල්ලීම් සලකා බලලා මෙය නැවත ගණනය කිරීම කළා. මෙතැනදී ආපු ඉලක්කම තමයි රුපියල් 120,000. 2023 මුල අපි නැවත ගණනය කිරීම් කරන විට හඳුනා ගත්තේ එම දීමනාව 260 000ක මුදලක් බවයි. මේ මොහොතේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය ගැන සලකා බලලා ආණ්ඩුව රුපියල් 35,000ක පමණ දීමනාවක් දීමට පොරොන්දු වුණා. මේ ලබාදීම අපේ ඉල්ලීමෙන් 15%ක ප්‍රතිශතයක් විරතයි. නිවැරදි විදිහට අපිට DAT දීමනාව ලැබෙනවා නම් රුපියල් 260 000ක මුදලක් විය යුුතුයි”