Spread the love

නාගොඩ -සුමන

හෙද වර්ජනයක් පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්තයක් ලෙස රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ද රෝගී සත්කාර කටයුතු සමස්තයක් ලෙස සාමාන්‍ය පරිදි බාහිර රෝගී අංශයේ සහ වාට්ටු තුල ප්‍රතිකාර කටයුතු සිදුවෙයි.

ඇතැම් අංශ වල රෝගී සත්කාර කටයුතු මන්දගාමීව සිදුවෙයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික රෝහල් ,දිසා රෝහල් සහ ග්‍රාමීය රෝහල් වලද ප්‍රතිකාර කටයුතු සිදුවෙයි.

ඇතැම් රෝහල් වල එම කටයුතු මන්දගාමීව සිදුවෙයි.

ඇතැම් රෝහල් වල බාහිර රෝගී අංශ වලට රෝගීන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබේ.