Spread the love

යාපනය චන්කලවාඩි මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 06 ග්‍රෑම් 40 ක ප්‍රමාණයක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් චන්කලවාඩි මුහුදු වෙරල සීමාවේ සිදුකල සෝදිසි මුර සංචාරයකදී සැකකටයුතු උරයක් වෙරලේ දමාගොස් තිබියදී උරය පරික්ෂා කිරීමේදී එහි තිබූ අදාල කේරල ගංජා නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඒහිදී ඒම උරය තුල තිබූ 3ක මෙම කේරල ගංජා ප්‍රමාණය අඩංගු වී තිබූ අතර මෙම කේරලගංජා තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට යාපනයට රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේදී නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් අදාල කේරල ගංජා තොගය දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැකපල කර සිටියි.

සොයාගත් ගත් කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලීසියට භාරදීම පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.