Spread the love


නිමල් රාජපක්ෂ-

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු විශේෂිත දුම්රිය යක් ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර පිලී පෑනීමකට ලක්වීාම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා මතුවී ඇත.

අදාල දුම්රියේ මැදිරියක් පිීලි පැනීම හේතුවේන් එය කඩිනමින් පිලි ගත කීරිම සදහා මේ වනවිටත් නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් සහන සේවා දුම්රිය පිටත් කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

කොළඹ කොටුව හා බදුල්ල ධාවනය වන දුරියයන් තලවකැලේ දුම්රිය ස්ථානයටත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියයන් වල මගිීන් නානුඹය යන දුම්රිය ස්ථාන දක්වා ධාවනය කෙරේ. එතැන් සිට කොළඹින් යන මගී න් තලවකැලේ දුම්රිය ස්ථානයේ සිට නානුඹය දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ල සිට එන මගීන් නානුඹය දුම්රිය ස්ථානයේ සිට තලවකැලේ දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට බස්සේවාවන් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ගමනා ගමන එන්.ජේ ඉදිපොලගේ මහතා පවසයි.