Spread the love

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙපා මුලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මැද මාවත අතහැර දක්ෂිණාංශික දේශපාලනයට පිවිස එහි නියෝජිතක බවට මේ වන විට පත්ව ඇති බවද හෙතෙම පැවසීය.

වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය අනුව දක්ෂිණාංශික ප්‍රතිපත්ති වෙළෙඳ ගැනීම පුදුමයට කරුණක් නොවන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍යවේද අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.