Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය දෙපාර්තුමේත්තුව ඉන්දිය රජය මගින් නොමිලයේ ලබාදෙන දුම්රිය එංජින්වලින් දෙකක් මෙවර නිදහසට පෙර ලැබිමට නියමිත බවත්. එම දුම්රිය එංජින් නිදහස් දිනට ධාවනයට යෙදවීමට කටයුතු යොදන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් .එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එසේ පැවසුවේය ඊයේ පෙරවරුවේ දුම්රිය මුලස්ථානයේදී හමුවු අවස්ථාවේදීය .
මෙහිදි අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර මහතා,ඉන්දිය රජය මගින් දුම්රිය එන්ජින් 23 ක් නොමිලයේ ලබා දීමට නියමිතයි.මේ වනවිට දුම්රිය ඉන්ජිනේරුවන් පිිරිසක් ඉන්දියායවට ගොස් අදාල එන්ජින් පිළිබදව සමික්ෂණය කර පැමිණ ඇති බැවින් ඉදිරියේදි දුම්රිය එන්ජින් ගෙන් විමට පියවර ගන්තා බවද පැවසුවේය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලිමකට අනුව පෙබරවාර 4 නිදහසට පෙර දුම්රිය එන්ජින් දෙකක් ලබා දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙන බවද පැවසුවේය.
දුම්රිය එංජින් වල වටිනාකම රුපියල් කෝටි 3000 කට වැඩිවන අතර සියළුම දුම්රිය එංජින් නොමිලයේ ඉන්දිය රජය ලබා දීමට පියවර ගන්නා බවද දුම්රිය සානාමන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසුවේය.