Spread the love

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත – (ගම්පොළ) ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ රජයේ ඉඩමක් අනීතිකව අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයාගන්නා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ ජයරත්නගේ පුත් වත්මන් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස එම ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න ලේකම් තුමිය ලිඛිතව දන්වා තිබේ.

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස ප්‍රාදේශීය ලේකම් ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නට වහාම එම දේපල අතහැර යන ලෙස නිවේදනය කර ඇති අතර නීති ප්‍රකාරව එම නිවේදනය අදාළ අනීතිකව පරිහරණය කරන ගොඩනැගිල්ලේ අලවා ඇත.

මේසේ දැන්විම් මගින් භාරදෙන ලෙස දන්වා ඇත්තේ ගම්පල මහවැලි ගඟට හා දොළුව පාරට නුවර එළිය පාරට මායිම්්වු හෙක්ටයාර් 0.3283 ක්වු ගම්පල අංගම්මන ග්‍රාමනිලධාරි වසමේ අංක 1144දරණ ඉඩම එය රජයේ මිනින්දොරු සැලසුමේ අංක 8 හා 6 වශයෙන් සටහන්ව ඇති බවද අදාල ලිපියේ සදහන්ය.