Spread the love

2025 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයට පෙනීසිටින ආර්ථික අපහසුතා ඇති දරුවන් සදහා ශිෂ්‍යධාර ලබා දීමේ වැඩසටහනක් මේවන විට ආරම්භ කර ඇතිබව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
ඒ සදහා අයදුම්පත් භාර ගැනීම මේවන විට ආරම්භ කර තිබේ.
2025 උසස්පෙල විභාගය ජීව විද්‍යාව,ගණිතය සහ තාක්ෂණවේදය විෂයන් මගින් හදාරන සිසු සිසුවියන් 200 දෙනෙකුට එලෙස ශිෂ්‍යධාර ලබාදීමට නියමිතයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.edumin.sp.gov.lk හෝ www.edudept.sp.gov.lk මගින් හා පාසල අයත් කලාප අධ්‍යාපන කාර්‍යාලයෙන් හෝ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් ලබාගත හැකිය.
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විදුහල්පති මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ජනවාරි 30 පෙර යොමුකර යුතු බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශිෂ්‍යධාරය වැඩසටහන පැවැත්වෙයි.