Spread the love

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා හතරක් අලුත්වැඩියා කිරීමට අමතර කොටස් නොමැතිකම නිසා ගාල්කර තිබේ.

දැනටමත් සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැතිකම නිසා ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති අතර ඉකුත් වසරේදී පමණක් මෙසේ අවලංගු කරන ලද ගුවන් ගමන් වාර ගණන සිය ගණනකි.

ඊට අමතරව ගුවන් ගමන් වාර ප්‍රමාද වීමටද මෙම තත්ත්වය බලපා තිබේ.

සමාගම සතුව මීට පෙර ගුවන් යානා විසි හතරක් තිබුණද දැනට පියාසර මට්ටමේ ඇත්තේ ගුවන් යනා දහ අටක් පමණි.