Spread the love

කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී ඊයේ (09)සවස කාන්තාවට අමානුෂික ලෙස තියුණු ආයුධකින් පහරදී ඝාතනයකර මෙරටින් පිටවීමට හැදු සැකකරු කටුනාක ගුවන් තොටුපලේදී කොටුකර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක්ව සේවයක කළ 41 හැවිරිදි මඩපාත, පිළියන්ල ප්‍රදේශයේ කාන්තාවක්
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරයි.
ඝාතනය සිදු කළ 45 වියැති සැකකරු මීට පෙරට විදේශ ගතව සිටි අයකු වන අතර මෙවර ඝාතනය සිදුකර රටින් පිටවීමට තැත්කරද්දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.