Spread the love

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල පාලම අසළින් අඩියක පමණ ජල මට්ටමක් මාර්ගය හරහා ගමන් කරන බැවින් මාර්ගය නැවත දැනුම් දෙනතුර වසා දැමිමට පියවර ගත් බව අපදා කළමණාකරන ම්ධ්‍යස්ථානය පවසයි.

පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර මැණික් ගඟ පිටාර ගැලීමෙන් ඇතිවු ගංවතුර තත්ත්වයත් සමඟ යාල වනෝද්‍යානයේ තිස්සමහාරාම, පලටුපාන ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය හාලිඇළ හතේ කණුව ප්‍රදේශයෙන් ඊයේ (09) රාත්‍රී මාර්ගයට පස් කන්දක් නායයෑම හේතුවෙන් එය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ.