Spread the love

යුක්තිය මෙහෙයුම යටතේඅද උදෑසන වනවිට සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන්

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරු වන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් 296g ක්, අයිස් 194g ක්, ගංජා 117kg 421g ක්, ගංජා පැල 41767ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.