Spread the love

අපරාධ රැසකට පොලීසියට කට්ට් පනිමින් සිටි සැකකරුවකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමගින් ගුරුන්නැහෙගේ ආර ප්‍රදෙශයේදි අගුණකොල පැලැස්ස පොලිස් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජීව අත් බෝම්බය සමග අත් අඩංගුවට ගත් සැකකරු හකුරුවෙල ජූලමුල්ල ,ඩී 04, යාය 17 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි . මොහුට එරෙහිව කොල්ලකෑම් ,පහරදීම් වැනි අපරාධ චෝදනා වන්ට අධිකරණය විසින් නිකුත් කල වරෙන්තු හතරක් තිබෙන බව අගුණකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා පවසයි.
සැකකරු අද (9) අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේඋපදෙස් මත , අගුණකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ අගුණකොලපැලැස්ස පොලිසිය සිද්ධිය පිළබද වැඩිදුර පරීක්ෂණ පවත්වයිඅත්