Spread the love

පේදුරුතුඩුව පොලිස් වසමේ වල්ලිපුරම් මුහුදු තීරයේ තිබී සැකකරුවෙකු නොමැති කේරළ ගංජා 28 kg සහ අබිං 48kg ක් අද යුක්ති මෙහෙයුමට සමගාමීව සිදුකරන මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත .

සැකසහිත ලෙස මුහුදු තීරයට ගොඩගසා තිබු පාර්සල් කිහිපයක් පිළිබඳව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.