Spread the love

බීමතින් පැමිණ බිරිදට හා දරුවන්ට වස පෙවීමට තැත්කල සැමියකුව බිරිද ඉල්ල කල පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ මහියංගනය කපුරුගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලීසිය සැකපළ කරන්නේ බිරිඳ සමග ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිඳ එල්ලකළ පිහි ප්‍රහාරයකින් මෙලෙස සැමියා මියයන්නට ඇති බවටය.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඔවුන් අතර නිරන්තරයෙන් ආරවුල් ඇතිවන බවත් මීට පෙර අවස්ථාවකදී ඔහු විසින් සිය දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇත බවත්ය.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඊයේ රාත්‍රියේ ද බීමතින් පැමිණ බිරිඳට ප්‍රහාරයක් එල්ලකර ඇයට සහ දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇති බවටය.

එහිදී එම බිරිඳ විසින් ඔහුගේ පාදයට මන්නා පිහියකින් පහරදී ඇති අතර අධික රුධිරය වහනය වීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද බිරිඳට පහරදීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බවටය.

සැකකාර බිරිඳ පොලීසියට භාරවී ඇති අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.