Spread the love

ඇල්පිටිය ඉගල්කන්ද වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ දී යතුරු පැදියක ගමන් කළ යුවලක් කැබ් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ යුවලක් මිය ගිය පුවතක් ඇල්පිටිය පොලීසියෙන් වාර්තාවෙයි.
සිද්ධිය වි ඇත්තේ ඊයේ රාත්‍රී යේ ඇල්පිටිිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඊයේ (06වෙනිදා) රාත්‍රියේයි . යතුරු පැදියේ ගමන් කළ යුවල ඉදිරියෙන් පැමිණි කැබ් රථයක හැපීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා ඇල්පිටිය රෝහලට ඇතුළු කර තිබේ. නමුත් දෙදෙනාගේ තත්ත්වය බරපතල බැවින් රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 41 ක්හා 39 වයසැති අඹුසැමි යුවලකි
කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය පිළිබද ඇල්පිටිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි