Spread the love

රට පුරා සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් රට තුල මත්ද‍්‍රව්‍ය හිඟයක් ඇතිවී මිල ගණන්ද ඉහල ගොස් තිබේ.

ඒ හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහැව්වන් වෙනත් විකල්ප ක්‍රමවේදයන්ට යොමුවී ඇත.

ඒ අතර අධික මිල ගණන්වලට ඔසු සැල්වලින් වෙනත් මත්වන ඖෂධ වර්ග මිලදී ගන්නා බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

වෛද්‍ය නිර්දේශයකින් තොරව මේ ආකාරයට ඉහළ මිල ගණන්වලට එකී ඖෂධ අලෙවි කළ ඖෂධසැල් කිහිපයකම හිමිකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.