Spread the love

හම්බන්තොට අරවනමුල්ල, බැල්ලගස්වැව කැලෑබද ප්‍ර්‍රදේශයකදී 34 හැවිරිදි අවිවාහක තරුණයෙකු පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි
මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,බැරගම ,මහආර පදිංචිව සිටි අංගප්පුලිගේ ලසී ලක්මාල් නමැති අයෙකි .
. ඔහු ඉකුත් 4 දා දහවල් 12 ට පමණ ගවයන් බැලීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර 5 දා වනවිටත් නැවත නොපැමිණි නිසා ඔහු අතුරුදහන්ව ඇති බවට මාමා කෙනෙකු දුරකථන ඇමතුමක් ලබාදුන් බව පොලිසිය පවසයි.
පසුව සොයා බැලීමේදී ඔහුගේ යතුරුපැදිය බැල්ලගස්වැව යුද හමුදා කදවුර අසල තිබී සොයාගෙන ඇති අතර එයට නුදුරු කැලෑබද ප්‍රදේශයක තිබී මළසිරුර හමුවි තිබේ.

මියගිය තරුණයා විවාහක කාන්තාවක් සමග අනියම් සබදතාවයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද එම කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කළේය.
හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.කේ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .