Spread the love

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි

පාරි‍භෝගික ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු සදහන් කළේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනතාව වාහනවලින් ගමන් කිරීම අඩුකර ඇති බවත් බොහෝ පිරිසක් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.