Spread the love

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වෙන මෙම මස 28 සහ 29 යන දෙදින තුළද ඇතැම් පාසල්වල අ.පො.ස උසස් පෙළ නව පංති සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දහම් පාසල් විභාගයට හා එම සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අපේක්ෂිත සිසුන්ට යම් බාධාකාරී තත්වයක් උද්ගතව ඇති බව දහම් පාසල් ප්‍රධානීහුද පවසති .

එම ගැටලුව විසඳීමට ව්භාග කොමසාරිස්වරයා පියවරක් ගෙන ඇති අතර , එම සම්මුඛ පරීක්ෂණ සඳහා ඉහත දහම් පාසල් අවසාන විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින් ද සහභාගි වීමට නියමිත බැවින් එවැනි සිසුන්ට අගතියක් නොවන පරිදි එම සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන මෙන් විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.ජයසුන්දර මහතා විදුහල්පතිවරුන් වෙත දන්වා තිබේ.

එමෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික සහ අහදියියා දහම් පාසල් සිසුන් සඳහා තම ආගමට අදාලව මෙම 28 සහ 29 දින දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතිබව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.