Spread the love

නිමල් රාජපක්ෂ-

එළඹෙන තත්තල් සහ දීර්ඝ සති අන්ත පාසල් නිවාඩුවට ගම්බිම් බලා ගමන් කරන ජනතාවගේ ගමන් පහසුව සදහා විශේෂ දුම්රිය සේවා අද (22) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.