Spread the love

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තාවීමත් සමගය.

සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ සමගි ජන බලවේගය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇත.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 22 වනදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය.