Spread the love

වෙරළ සම්පත් ආරක්ෂා කිරීමට පස් අවුරුදු සැලැස්මක්

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාවන පස් අවුරුදු සැලැස්ම (2024-2029) ප්‍රකාශයට පත් කෙරේ.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (20) ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම (2024-2029) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.
එමෙන්ම වෙනස්වන තත්ත්වයන් සැලකිල්ලට ගිනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුයි. මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් පිළියෙල කරනු ලැබුවේ 2018 වසරේදීය. එම සැලැස්ම යාවත්කාලීන කරමින් ඉදිරි වසර පහ සඳහා වන (2024-2029) වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාවන මෙම සැලැස්ම පිළියෙල කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ඉදිරිපත් කළ විසින් මෙම සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය. වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහාවන පස් අවුරුදු සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවද වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.