රාජගිරියේ පිහිටි KFC අවන්හල මගින් අලෙවි කරන ලද ආහාර බඳුනක තත්ත්වය සම්බන්ධයෙන් සමාජ ජාල වල එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරයි.
මෙම සිදුවීමෙන් යම් අපහසුතාවයක් සිදුවුයේ නම් කනගාටුව පළ කරන ලද බවත් පාරිභෝගිකයන්ගේ ප්රතිචාර බැරෑරුම් ලෙස සලකන බවත් එහි සදහන්ය.
සිදුවීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවද අවන්හල් ජාලයේ ගුණාත්මක භාවය සහතික කිරීමට දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් නිෂ්පාදන හා සේවා තත්ත්ව යන දේ අංශයේම ඉහළම ප්රමිතියෙන් පවත්වා ගැනීමට කටයුතු කරන බවත් එහි දැක්වෙයි.
