Spread the love

ළමුන් නිතර නිතර අපයෝජනයට පත්වීමේ සිද්ධින් වළක්වා ගැනීම සඳහා International Centre for Missing & Exploited Children නමැති දත්ත පද්ධතියක් සමඟ කටයුතු කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට අවස්ථාව ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පවසයි.

ඒ අනුව මෙම දත්ත පද්ධතිය හරහා සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහැරීම, බෙදාහැරීම හෝ නැතහොත් එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු ආදිය අදාල සේවා සපයන ආයතන විසින් මේ දත්ත පද්ධතිය සමග හුවමාරු කර ගන්නා බවයි ඇය සඳහන් කළේ.

මේ දත්ත පද්ධතිය විසින් අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට මේ තොරතුරු යොමු කරන අතර ශ්‍රී ලංකාවටද මෙම සම්බන්ධතාව ලැබී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.