Spread the love

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1,075ක් ද සොයා ගෙන තිබේ.