Spread the love

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ලේකම්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.