Spread the love

ජනතාව අතරම ඉහළම ස්ථානයක් ජාතික ජන බලවේගයට හිමිව ඇති බව දකුණු පළාතේ සිදු කරන ලද සමීක්ෂණ කිහිපයකින්ම හෙළි වී ඇතැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කල්මුණේ ජාතික ජන බලවේගයේ ආසන සමුළුව අමතමිනි.

ලබන වසරේ ඔක්තෝබර් මස 17 වනදාට පළමු ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවද පැවසූ ඔහු ජූලි මස අගවන මැතිවරණ කටයුතු ආරම්භ කරනු ඇති බවද ඔහු එහිදී පැවසීය.