Spread the love

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු පැවරීමට යන බව වාර්තා වෙයි.

ඔහුගේ ධුරය අභියෝගයට ලක් කරමින් නීතිඥවරුන් පිරිසක් මෙසේ නඩු පැවරීමට සූදානමින් සිටින සිටින බව සඳහන්ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ඉරා නලස් මහතා මෑතකදී සඳහන් කළේ මත්කුඩු ජාවාරමට එරෙහිව රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වන නිසා මත්කුඩු ජාවාරම් කරුවන්ගෙන් නඩත්තු වන නීතිඥවරුන් පිරිසක් මෙසේ කුමන්ත්‍රණ වල නිරත වෙමින් සිටින බවයි.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා අධිකරණවල පෙනී සිටින්නේද නම් දැරූ නීතිඥවරුන් බවත් ඔහු සඳහන් කළේය.

කුඩු සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර පැය විසිහතරක් ඇතුලත පුද්ගලයින් 2121ක් පොලිසිය හා විශේෂ කාර්‍ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත.