Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා වලින් මේවන විට පළාත් දෙකකට දැඩි බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව උතුරු පළාත සහ උතුරු මැද පලාතට බලපෑම් එල්ලවී තිබෙන අතර එයිනුත් උතුරු පලාතට වැඩිම බලපෑම් එල්ලවී තිබේ.

මේ වනවිට දිස්ත්‍රික්ක 05 අයත් පවුල් 2256 පුද්ගලයන් 7181 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

නිවාස අර්ධ හානි 32ක් වාර්තා වේ.

මේවන විට ආරක්ෂිත ස්ථාන 14 පවුල් 314 අයත් පුද්ගලයන් 1036 දෙනෙකු රදවා සිටියි.

පීඩාවට පත්වුවන්ට අවශ්‍ය මූලික පහසුකම් ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ලබාදෙමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.