Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග රටාවන් තුන සඳහා නායකයන් තුන් දෙනෙකු පත් කිරීමට නව තේරීම් කමිටුව විසින් තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

එ් අනුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාටත් උප නායකත්වය කුසල් මෙන්ඩිස්ටත් ලබාදීමට නියමිතව ඇත.

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හා උප නායකත්වය චරිත් අසලංකට ලබා දීමට තීරණය වී තිබේ.

20-20 කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංගට හා උප නායකත්වය චරිත් අසලකට ලබාදීමට නියමිතව ඇත.

මේ පිළිබඳව අවසන් තීරණය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටු විසින් එළඹෙන සඳුදා දිනයේ ගනු ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට කිසිදු තරග රටායක නායකත්වයක් හෝ උපනායකත්වයක් හිමි නොවීම කැපී පෙනේ.

ඔහුට කණ්ඩායමේ ස්ථානයක් තහවුරු වන්නේදැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැත.