Spread the love

ලොරි රථ දෙකක් මුහුණට මුහුණ හැපීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එක් අයකු මිය ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
අනතුරු සිදුවී ඇත්තේ අම්බලන්ගොඩ ගාලුපාරේ වටරවුම් ආසන්නයේදිය.

අලුත්ගම සිට මීටියාගොඩ බලා ධාවනය කළ කුඩා ලොරි රථයක රියදුරුට නින්ද යාම නිසා ඉදිරියෙන් පැමිණි විදුලි ජනක ප්‍රවාහනය කරන ලොරියේ ගැටීමෙන් අනතුර සිදු ව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි මීටියාගොඩ පදිංචිකරුවෙකි
සිද්ධිය පිළිබදව අම්බලන්ගොඩ පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.