Spread the love

පවතින අඛණ්ඩ වර්ෂාපතනයත් සමඟ ළමුන් අතර හතිය රෝගය වැළදීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සමඟ හතිය රෝගය ළමුන්ට වැළදෙන බවය.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් එම රෝගී තත්ත්වයෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ළමුන් පාසල් නොයවන ලෙස ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කළේය.