Spread the love

නිමල් රාජපක්ෂ-

උතුරු දුම්රිය මාර්ගය නවීකරණ කිරීමෙන් පසු ඉදිරියේදී කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා මගීන්ට ඉතා හොද දුම්රිය සේවාවක් ලබා දිමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්.බන්ඩාර මහතා පවසයි.


ලබන ජනවාරි මස 7 වනදින උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය සදහා මහව අනුරාධපුරය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය නතර කරනු ඇත. නමුත් කොළඹ සිට මහව දුම්රිය ස්ථානය දක්වාත් මහව සිට කොළඹ කොටුව දුක්වාත්, අනුරාධපුරය සිට යාපනය කන්කසන්තුරේ දක්වාත් දුම්රිය ධාවනය කරනු ඇත.රජය ගෙනයන වැඩ පිළිවලට සමගාමිව සංචාරක කර්මාන්තය සදහා දැනට සුපෝගබෝගී දුම්රිය දෙකක් ධාවනයට එක් කරන අතර ඉදිරියේදී තවත් දුම්රියයක් නිර්මාණය කිරිමට නියමිත බවද දුම්රිය සාමාන්‍යාධිපතිවරයා පැවසුවේය.


මේ අයුරින්ම ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයත් ඉදිරියේදී සංවර්ධනය කර දුම්රිය ස්ථාන සංචාරකයින්ට ගැලපෙන අයුරින් සකස් කිරීමට නියමිතයි. මෙහිදි සංචාරක නිකේතන සකස්කොට දුම්රිය ස්ථාන සංචාරකයිනට ගැලපෙන අයුරින් සකස් කිරිමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට නියමිතයි .ඹවුන්ගේ ව්‍යාපාර කරන ගමන් දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන්නැයි ආරාධනා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර මහතා පැවසුවෙය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ.ඉදිපොලගේ මහතාද සහභාගිවුහ.

තව දුරටත් අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරී බණ්ඩාර මහතා,