Spread the love

රටේ අපරාධ හා මත්ද්‍රව්‍ය නැති කිරීම තමාගේ ඉලක්කයක් බවත් , කෙතරම් බලවත් පුද්ගලයෙක් වුවත් එම ඉලක්කයට බාධා කරන ඕනෑම කෙනෙකුට තමා පහරදෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව උසස් පොලිස් නිලධාරින් හට උපදෙස් ලබාදීමේ වැඩමුළුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

තමා අවුරුදු ගාණක් තෙම්පරාදු වුනු කෙනෙක් බවද, සමාජ මාධ්‍ය වලින් සිදුකරන විවේචන වලට නොසැලෙන බවද, ඒවායින් තමා වැට්ටීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

පොලිස් නිලධාරින් ඉදිරියට පැමිණ රාජකාරිය කිරීමේදී යම් කිසි ප්‍රශ්ණයක් ඇතිවුව හොත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු අවධාරණය කළේය.

රටේ දරුවන් වෙනුවන් කළ හැකි දෙය වන්නේ මත්ද්‍රව්‍ය හා පාතාලය නැති කිරීම බවත්, තම ඉලක්කය රටේ අපරාධ නැති කිරීම බවත්, ජුනි 30 ට පෙර සෑම පළාතකම ලොකු වෙනසක් දැකීමට අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.