Spread the love

කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 03 ක් පසුගියදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතු කොටගෙන අක්‍රීය වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීය ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

තාවකාලිකව විදුලිය එක්රැස් කිරීමේ උපකරණ නොමැති වීම හේතුවෙන් මෙම යන්ත්‍ර අක්‍රීය වී ඇති බවයි එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

දිගු වෙලාවක් පුරා විදුලිය බිඳවැටීම නිසා සිසිලන පද්ධති හා වායු සමීකරණ පද්ධති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 4 කින් 3 ක් බිඳවැටී ඇති බවත්, සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කරගැනීමට ‍නොහැකි නිසා මේ යන්ත්‍ර දැන් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.